Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර තුළ කොරෝනා පැතිරීම ඉහළට - වැලිකඩ රෝහලත් හිස් කරයි

මෙරට බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ යමින් තිබෙනවා. අද වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වන බවයි බන්ධනාගාර ද...


මෙරට බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ යමින් තිබෙනවා. අද වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන් 90 දෙනෙකුම කාන්තා රැඳවියන්. එම ආසාදිතයින් 109 දෙනාම වාර්තා වන්නේ වැලිකඩ හා බෝගම්බර පැරණි බන්ධානාගාරයෙන් වීම විශේෂත්වයක්. ඒ අතරින් ද 99 දෙනෙකු වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන්.


අද දිනයේ රැඳවියන් 17 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගැනුණා. 


පවතින සැලකිල්ලට ගනිමින් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින සියලූ රෝගීන් මහර බන්ධනාගාරය වෙත මාරුකර යැවීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. එලෙස මාරු කර ඇති රැඳවියන් සංඛ්‍යාව 112 ක්.


තවදුරටත් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුවහොත් බන්ධනාගාර රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම ද ප‍්‍රධාන අරමුණක් වන බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක  වෙත කියා සිටියේ. 


මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා රිමාන්ඞ් බන්ධනාගාරවල තදබදය අඩු කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ ඉල්ලීම මත නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි ද සඳහන්.


දැනට රිමාන්ඞ් බන්ධනාගාර ගත ඇප ලබාදිය හැකි සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසත්, අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත්, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපෙදස් දී ඇති බවයි වාර්තා වන්නේ.

nethnews

No comments

Ads Place