Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙවර අයවැය ආනයන අඩු, අපනයන වැඩි අයවැයක්

පවතින අභියෝ්ග සදහා මුහුණ දිය හැකි අයවැයක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ව්‍යාපාර සංවර්ධන හා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂ...


පවතින අභියෝ්ග සදහා මුහුණ දිය හැකි අයවැයක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ව්‍යාපාර සංවර්ධන හා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. 


නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ මෙරට ආර්ථික වර්ධනය, ආයෝජන, සංවර්ධන හා ජන ජීවිතය මුල්කර ගනිමින් අයවැය ලේඛණය ඉදිරිපත් කරන බවයි. මෙරට අපනයන වැඩි වන ආනයන අඩු කෙරෙන අරමුණින් අයවැය ලේඛණය සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියාසිටියේ.


මේ අතර අද ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛණය සකස් කිරීම ඊයේ දිනයේ අවසන් කර තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් අචාර්යය පී බී ජයසුන්දර සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල විසින්. 


මෙරටට වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා ඇතැත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට අවසර ලබා දීම අද ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛණයට අයත් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 


මේ අතර මුලින් තීරණය කර තිබුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ අයවැය කථාව  පැය 01යි විනාඩි 15කට සීමා කිරීමටයි. එහෙත් එම කථාව සඳහා පැය 02කයි විනාඩි 15ක් වෙන් කිරීමට තීරණය කර ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

No comments

Ads Place