Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ ආසාදිතයින් හමුවු ස්ථාන

ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 510 දෙනෙක් වාර්තා වු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ. කොවිඩ් - 19 පැතිර...


ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 510 දෙනෙක් වාර්තා වු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇති ආකාරයට එම ආසාදිතයින් ගණන 199 දෙනෙකි.

කොළඹ 1 - 18 යන ප්‍රදේශවලින් ආසාදිතයින් 129 දෙනෙක් වාර්තා වී ඇති අතර, 9 දෙනෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්, කොස්ගමින් 10 දෙනෙක් හා කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 14ක් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 183 දෙනෙක් වාර්තා වු බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඉන් වැඩිම පිරිසක් හැඳල හා වත්තල යන ප්‍රදේශවලින් වාර්තා විය. ඒ ආසාදිතයින් 20 දෙනා බැගිනි.

මේ අතර, තවත් ආසාදිතයින් 19 දෙනෙක් ගම්පහ ප්‍රදේශයෙන් හා රාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා විය.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 6 දෙනෙක් වාර්තා වී ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක්, ගාල්ලෙන් 9 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4ක්, මහනුවරින් ආසාදිතයින් 3 ක් හා නුවරඑළියෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 72ක් හා කිරුළපන පොලිස් ස්ථානයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ පහතින් දැක්වේ.

adaderananews





No comments

Ads Place