Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මධ්‍යම කඳුකරයට ඇතුල්වන වාහන විශේෂ පරික්ෂාවකට

නව්‍ය කොරෝනා වෛරසයේ අවධානමත් සමග බස්නාහිර පලාතට පනවා තිබු ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසුව ද ඒ 7, හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ සහ හැටන් - මහන...


නව්‍ය කොරෝනා වෛරසයේ අවධානමත් සමග බස්නාහිර පලාතට පනවා තිබු ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසුව ද ඒ 7, හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ සහ හැටන් - මහනුවර ප‍්‍රධාන මාර්ගයෙන් වතුකරයට පැමිණෙන අත්‍යවශ්‍ය නොවන සියළුම වාහනවල ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමට පියවර ගෙන තිබෙනවා.


ඒ, පොලිසිය සහ යුධ හමුදාව ඒකාබද්ධව දියත් කර ඇති මෙහෙයුමකදීයි. ඒ අනුව හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කළුගල ප‍්‍රදේශයෙන් සහ හැටන් - මහනුවර ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, බගතුළුව ප‍්‍රදේශයෙන් පැය 24 පුරාම කි‍්‍රයාත්මක වන පරිදි මාර්ග බාධක යොදා සියළුම වාහන සහ මගින් පරික්ෂා කිරිමටයි පියවර ගෙන ඇත්තේ.


මේ මස 14 දිනට යෙදෙන දිපාවලි උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල රැකියා වල නිරතව සිටින වතුකරයේ පිරිස් එම මාර්ගය ඔස්සේ පැමිණීම ඊට හේතුවයි. 


හැටන් පොලීසිය කියා සිටියේ එලෙස පැමිණෙන පිරිසගේ විස්තර වාර්තාවක් එම මාර්ග බාධක වලින් ලබාගෙන ඔවුන් සිය නිවාස තුලම දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගැනෙනවා. 


මේ අතර එලඹෙන දිපාවලි උත්සව සමයේ වතුකරයේ ජනතාව ප‍්‍රධාන නගර වලට පිවිසම සහ සංචරණය නතර කිරිම සදහා ද විශේෂ පියවර ගෙන ඇති බවය පොලීසිය පැවසුවේ. ඒ අනුව වතුකරයේ සියළු නගර අනිද්දා සිට ලබන 16 වනදා තෙක් වසා දැමිමට නියමිතයි. එම කාලය තුල අත්‍යවශ්‍ය රථවාහන හැර සෙසු සියළුම වාහන ගමනා ගමනයද නතර කිරිමට පියවර ගන්නා බවයි පොලීසිය පැවසුවේ. 

No comments

Ads Place