Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආයෝජන මණ්ඩල කර්මාන්තශාලාවල සේවකයින්ට වයිරස් බෝවන්නේ නැත්ද? කළුතර – ගම්පහ වෛද්‍යවරු ප්‍රශ්ණ කරති

බස්නාහිර පළාත වසා දැමීම සඳහා ගනු ලැබූ තීන්දුව පමා වීම නිසා ඇති වූ අවාසිදායක තත්වය තව දුරටත් වර්ධනය කරමින් ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්...


බස්නාහිර පළාත වසා දැමීම සඳහා ගනු ලැබූ තීන්දුව පමා වීම නිසා ඇති වූ අවාසිදායක තත්වය තව දුරටත් වර්ධනය කරමින් ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා දිගටම පවත්වාගෙන යාමට අවසර දිම පිළිබව ගම්පහ කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් විරෝධය පළ වී ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් දක්වා ඇති බව වාර්තා වේ. මේ වන විට හොරණ ප්‍රදේශයේ සේවකයින් 5000 ක් පමණ සිටින කර්මාන්ත ශාලාවකින් කොවිඩ් – 19 රෝගීන් හමුවීම සමඟ මෙම තත්වයේ බැරෑරුම්කම පැහැදිළි වන බව වෛද්‍යවරු පවසති.

අපනයන ඇනවුම් හඹායන කර්මාන්තශාලාවල සේවක්යින්ගේ ශරීර වලට වයිරසය ඇතුල් වන්නේ නැත්දැයි එම වෛද්‍යවරු ප්‍රශ්ණ කරති. මෙම තත්වය නිසා පමා වී වසා දැමීමට ගනු ලැබූ තීන්දුවන් පවා නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වන බව ඔවුහු පවසති.

lankaleadnews

No comments

Ads Place