Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

උණුසුම් වු මැනිං වෙළෙඳපොළ

කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය. එහෙත් එළවළු...


කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය.

එහෙත් එළවළු තොග භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමෙන් අද අලුයම එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වෙතත් එම තත්ත්වය සම්බන්ධයෙන් තව පැය කිහිපයක් තුළ නිසි විසඳුමක් ලැබෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“දවස් 10 - 12 ක් විතර කාලයක් කොළඹ දිස්ත්‍රික්කය වැහිලා තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කය මාසයකට විතර කාලයක් වැහිලා තිබුණා. ඒවා අද අලුතින් පටන් ගන්න දවස. යම් යම් තීරණ අරගෙන තිබුණට පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් බිහිවෙලා තියෙනවා. ඒ නිසා එක පාරටම ඇඳිරිනීතිය ඉවත් කරලා පැය දෙකක් වගේ ගතවෙලා තියෙන්නේ. පැය කිහිපයක් වරුවක් ඇතුළත මේ පිළිබඳ තීරණයක් ගනී. ඉදිරි පැය කිහිපය තුළ සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ බලධාරීන් මේ පිළිබඳ තීරණය කරයි.“

adaderananews



No comments

Ads Place