Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් විවෘත කිරීමත් කල් යයිද - තීරණයක් ගන්න සාකච්ජා

තවදුරටත් රටතුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක පාසල් යළි විවෘත කරනවාද, එසේත් නැත්නම් කල් දමනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ජාවක් අද පෙරව...


තවදුරටත් රටතුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක පාසල් යළි විවෘත කරනවාද, එසේත් නැත්නම් කල් දමනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ජාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ජාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහල පෙලේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී සිටිනවා.

බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ පොලිස්වසම් 118කට පැනවූ ඇඳිරි නීතිය ලබන 09වනදා තෙක් කි‍්‍රයාත්මකයි. අපොස උසස්පෙළ විභාගය හා පාසල් නිවාඩුවෙන් පසු යළි පාසල් විවෘත කිරීමට නියමිතව ඇත්තේද ලබන 09වනදායි.

ඒ අනුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස්, අධ්‍යාපන අමත්‍යංශයෙන් විමසීමක් කළා. එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් අවසන් මොහොත තෙක් නිරීක්ෂණය කරන බවයි. ඒ අනුව එළඹෙන සති අන්තය වන විට රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් විවෘත කිරීමට අදාල තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

පාසලක සිටින සිසුන් සංඛ්‍යාව සහ අදාල ප‍්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය අනුව   සිසුන් සියයට අඩු පාසල් සෞඛ්‍ය රීතිවලට අනුකූලව එළඹෙන 09වනදා සිට ආරම්භ කිරීම කෙරෙහිද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. 

කෙසේවෙතත් පවතින තත්ත්වයන් හමුවේ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම සඳහාද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඒ අනුව දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදය සඳහා පාසල් වෙත අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ඇතුලූ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු රැස් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙම සියලූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු රැස් කර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් සමග පැවැත්වෙන සාකච්ජාවකින් පසු එම තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දැනුම් දීමට නියමිතයි.  

nethnews

No comments

Ads Place