Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ට‍්‍රම්ප්ට අමෙරිකාව සමග බිරිඳත් නැතිවෙන ලකුණු

අමෙරිකානුවන් මිලියන 71 ක් පමණ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යළි ජනාධිපති කරවීම සඳහා ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණත්, ජනපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප්, ඔහුගේ පර...


අමෙරිකානුවන් මිලියන 71 ක් පමණ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යළි ජනාධිපති කරවීම සඳහා ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණත්, ජනපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප්, ඔහුගේ පරාජය අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මෙලේනියා ට‍්‍රම්ප් කලක පටන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් දික්කසාදවීමට උත්සහ කරමින් සිටින බවයි.


ඊට අදාළ පූර්ව සැලසුම් මෙලේනියා විසින් මීට පෙර සකස් කර තිබුණත්, 2016 වසරේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිධූරයට තේරීපත්වීම නිසා දික්කසාදවීමේ තීරණය ආපසු හැරවීමට ඇයට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණයෙන් ජයලැබූ පසු මෙලේනියා ට‍්‍රම්ප් සිය මිතුරියක් සමග හඬමින් පවසා ඇත්තේ ඔහු ජය ලබනු ඇතැයි තමන් කිසිදා නොසිතූ බවයි.  ඇය, මෙතරම් කලක් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග ජීවත්වී ඇත්තේ ඔවුන්ගේ පුත‍්‍රයා හේතුවෙන් බවටයි වාර්තා වන්නේ. 


කෙසේවෙතත්, ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වී ඇති බැවින් මෙලේනියා ට‍්‍රම්ප් ඔහුගෙන් දික්කසාද වනු ඇතැයි මතපළ වනවා. 

nethnews

No comments

Ads Place