Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා

කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා නගර සභා සේවකයන්ට සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (09)...


කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා නගර සභා සේවකයන්ට සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (09) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අදාළ රියදුරා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් සඳහන් කළේ.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අදාළ රියදුරා නගර සභාවට පැමිණ නැහැ.

එහෙත් අද (09) පෙරවරුවේ එම රියදුරා නගර සභා පරිශ්‍රයට පැමිණීම හේතුවෙන් පැය කිහිපයක් එය වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සේවා සඳහා විවෘත කළ බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම ආසාදිත රියදුරාගේ ආශ්‍රිතයන් අටදෙනෙකුද නිරෝධායනය සඳහා යොමුකළ බව ඔහු ප්‍රකාශ කළා.

lankaleadnews

No comments

Ads Place