Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රතු කලාප තවත් වැඩි වුනොත් රට වසා දමන්න වෙයි..

තව දුරටත් රට තුළ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රතු කලාප වාර්තා වුවහොත් රට වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි...


තව දුරටත් රට තුළ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රතු කලාප වාර්තා වුවහොත් රට වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ ශනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ජනතාවගේ සහාය මේ මොහොතේ නිසි ලෙස නොලැබුණහොත් ඉදිරියේදී ඇතිවන වසංගත පැතිරීමකදී රටම වසා දැමීමට සිදු වනු ඇති බවයි.

එමෙන්ම වසංගතයේ ඊළඟ ආදරේට යාම හෝ නොයාම තීරණය වෙන්නේ අද දවසේ ගන්නා තීරණ බව ද ඔහු පැවසීය.

අද වන විට රෝගීන් වාර්තා වීම නිසි පරිදි සිතියම් ගත කිරීම සිදු නොකරන බවත් එය සිදු වීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව වී ඇත්තේ වෛරසයේ ස්වභාවය ගැන තේරුම් නොගෙන කටයුතු කිරීම බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place