Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කෙරේ

බස්නාහිර පළාතට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණා.  කෙසේවෙතත්, ප‍්‍රදේශ 27...


බස්නාහිර පළාතට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණා. 


කෙසේවෙතත්, ප‍්‍රදේශ 27 ක් තවදුරටත් හුදෙකලා කර පවතින බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 


කොළඹ දිස්ති‍්‍රක්කයට අයත් පොලිස් වසම් 12 ක් ඒ අතරට අයත්. යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ ජනතාවගේ කැපවීම ද තවදුරටත් අපේක්ෂා කරන බවයි. හුදෙකලා කර නොමැති ප‍්‍රදේශයක වුවද, කටයුතු කිරීමේදී සෞඛ්‍ය පුරුදු උපරිමයෙන් අනුගමනය කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙනවා. 


බස්නාහිර පළාතටම පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මෙලෙස ඉවත් කෙරෙන්නේ දින 10 කට පසුවයි. ඉකුත් 29 වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවූයේ කොරෝනා ආසාදිතයින් සීග‍්‍රයෙන් ඉහළ යාමත් සමගයි. 


ඔක්තෝම්බර් මස 04 වනදා දිවුලපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තාවීමත් සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ අද සිටයි. අද වනවිට දිවුලපිටියෙන් ඇරඹි කොරෝනා පොකුර 10,000 සීමාව ද ඉක්මවා ගොස් අවසන්. 

nethnews

No comments

Ads Place