Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කී දේ නෑහුවොත් කාලේ බෝතල් කුඩු

  මත්පැන් බෝතල් යළි එකතු කිරීමේ වැඩපිළිවෙළ මාස 6ක් ඇතුළත සකසන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවන් වෙත දැනුම් දී තිබෙන බව ඇමැති මහින්...

 


මත්පැන් බෝතල් යළි එකතු කිරීමේ වැඩපිළිවෙළ මාස 6ක් ඇතුළත සකසන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවන් වෙත දැනුම් දී තිබෙන බව ඇමැති මහින්ද අමරවීර කියයි. එය එසේ කිරීමට ආපොහොසත් වුවහොත් ලබන වසරේ සිට මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටී.

මත්පැන් කාලේ බෝතල් වසරකට මිලියන 70කට (කෝටි 7) ආසන්න ප්‍රමාණයක් මත්පැන් ලෝලීන් විසින් පරිසරයට මුදාහරින බව මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.

මෙමගින් පරිසරයට දැඩි හානි සිදුවෙන බවට හඳුනාගෙන තිබේ. මෙලෙස මත්පැන් බෝතල් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනු ලබන්නේ එක් මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් පමණක් වන අතර තවත් එවැනිම කර්මාන්තශාලා කිහිපයක්ම ක්‍රියාත්මකව පවතී. ඒ අනුව එළැඹෙන ජනවාරියේ (2021) සිට මාස 06ක් ඇතුළත මෙම මත්පැන් කාලේ බෝතල් සම්බන්ධව විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදනාගාර හිමියන්ට දැනුම් දී ඇත. එසේ ක්‍රියා කිරීමට කටයුතු නොකළහොත් අනිවාර්යයෙන්ම මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා කියයි.

lankaleadnews

No comments

Ads Place