Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාව යුධ පිටියක් , ට්‍රම්ප් - බයිඩන් පාක්ෂිකයන් අතර ගැටුම්

අමෙරිකාවේ ජනපතිවරණයට සමගාමීව අමෙරිකාව පුරා විරෝධතා සහ ගැටුම් උත්සන්න වී තිබෙනවා. ඒ නව ජනපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන් ආධාරකරුවන් සහ හිටපු...


අමෙරිකාවේ ජනපතිවරණයට සමගාමීව අමෙරිකාව පුරා විරෝධතා සහ ගැටුම් උත්සන්න වී තිබෙනවා.


ඒ නව ජනපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන් ආධාරකරුවන් සහ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතරයි.


මෙම ගැටුම් වලට හේතුවූයේ මැතිවරණයේ ඡන්ද ගණන් කරන දින රාත්‍රීය වන විට බොහෝ ප්‍රාන්ත ජයගනිමින් ඉදිරියෙන් සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වීම හේතුකොටගෙනයි. නමුත් පසුදින උදෑසන තැපෑලෙන් පැමිණි ඡන්ද ගණන් කිරීම ඇරඹුනු අතර එම ඡන්ද එක්වීමත් සමග ඡන්ද ප්‍රතිඵලය කණපිට හැරුනා.


හිටපු ජනපති ට්‍රම්ප්ගේ කඳවුර ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ඡන්ද නීත්‍යානූකූල නොවන ලෙස එක්කළ ඡන්ද බවයි. මෙම පසුව එක්කළ ඡන්ද වලින් අතිබහුතරයක් ජෝ බයිඩන්ට හිමිව තිබීම සැකසහිත බව දේශපාලන විචාරකයන් සඳහන් කළා.


ඒත් සමගම ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් සිය ඡන්ද අයිතිය මංකොල්ල කෑ බවට ප්‍රකාශ කරමින් විරෝධතා වල නිරත වනවා.


මෙවර ජනපතිවරණයේ අමරිකාවේ මහ ජාතිය ලෙස සලකන සුදු ජාතිකයන්ගේ බහුතර සහය හිමි වූයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි. 

 

ඇමෙරිකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව, ආසියානු ප්‍රජාව, ඉන්දියානු සහ ද්‍රවිඩ ප්‍රජාව, මෙක්සිකානු සංක්‍රමණිකයන් සියලූම දෙනාගේ සහය හිමි වූයේ ජෝ බයිඩන්ටයි. 


මෙම දේශපාලනික ගැටුම එරට සුදු ජාතිකයන් අසහනයට පත් කිරීමට සමත්ව තිබෙන බව දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. 


අමෙරිකානු සුදු ජාතිකයන් ට්‍රම්ප්ගේ පරාජය පිළිගැනීමට අකමැත්තක් දක්වමින් සිටිනවා. මන්ද ට්‍රම්ප් විසින් සංක්‍රමණික විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔහු විසින් අමෙරිකාවේ සංක්‍රමණිකයන්ට වෙනුවට ස්වදේශික අමෙරිකානුවන්ට රැකියා සහ වරප්‍රසාද ලබා දීම දිරිමත් කළා.


මේ නිසා විවිධ රටවල සිට අමෙරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම්, ඉන්දියානු, ආසියානු, ද්‍රවිඩ, මෙක්සිකානු සංක්‍රමණිකයන් සියල්ල ජෝ බයිඩන් දිනවීම වෙනුවෙන් සෘජුව කටයුතු කළා. 'බ්ලැක් ලයිවුස් මැටර්' විරෝධතා මාලාව හේතුවෙන් අමෙරිකාවේ කලු ජාතික අෆ්‍රිකානු අමෙරිකානුවන්ගේ බහුතර සහයද හිමි වූයේ ජෝ බයිඩන්ටයි.


මේ වනවිට ට්‍රම්ප්ට සහය පළ කරමින් සුදු ජාතික ඔහුගේ පාක්ෂිකයන් මාර්ග වලට බැස විරෝධතා වල නිරත වෙමින් තිබෙනවා. ඒ මැතිවරණයේදී වංචාවක් සිදුවූ බව චෝදනා කරමින්.


අමෙරිකාවේ 'මිලිෂීයල්ස්' ලෙස හඳුන්වන අවි ආයුධ සන්නද්ධ කණ්ඩායම්ද මේ වනවිට ආයුධ සන්නද්ධව මාර්ග වලට බැස විරෝධතාවයේ නිරත වනවා. මෙම 'මිලිෂියල්ස්' කණ්ඩායමේ අමෙරිකාවේ සුලභ අතර ඔවුන් නවීන ආයුධ වලින් සන්නද්ධයි. බොහෝ විට ඔවුන්ගේම ජනපද සහ නගර වල ඔවුන් ජීවත් වන අතර එම නගර සහ ජනපද පාලනය කරන්නේද ඔවුන් විසින්.


මේ අතර ට්‍රම්ප් - බයිඩන් පාක්ෂිකයන් අතර ගැටුම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් සහ විනාශ වූ දේපළ පිළිබඳවද පුවත් රැසක් වාර්තා වෙනවා. ඊයේ දිනයේදි පමණක් පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රීයා ලෙස පුද්ගලයන්ට පිහි ඇනුම් තුනක් වාර්තා වෙනවා.


දේශපාලන විචාරකයන් පවසන්නේ අමෙරිකාව මේ වනවිට පැහැදිලිවම දේශපාලනිකව කණ්ඩායම් දෙකකට බෙදී තිබෙන බවත්, මෙම බෙදීම ඉදිරි වසර හතර තුලදීම දැකගත හැකි වනු ඇති බවයි. අමෙරිකාවේ බහුතර සුදු ජාතිකයන් ඉදිරි වසර තුල දේශපාලනික අසහනයකින් කටයුතු කරනු ඇති බවද දේශපාලන විචාරකයන් පවසනවා.

nethnews

No comments

Ads Place