Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිසි ලෙස තහවුරු කිරීමකින් තොරව කොවිඩ් එන්නත් භාවිතා කිරීම අවදානම්

ලොවම භීතියට පත් කර ඇති කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් ලොව රටවල් රැසක් තවදුරටත් අත්හදා බලමින් පවතිනවා.  ඒ අතරින් එන්නත් 02 ක් පිළිබඳ මේව...


ලොවම භීතියට පත් කර ඇති කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් ලොව රටවල් රැසක් තවදුරටත් අත්හදා බලමින් පවතිනවා. 


ඒ අතරින් එන්නත් 02 ක් පිළිබඳ මේවනවිය ලෝකයේම අවධානය යොමුවී අවසන්. එක් එන්නතක් වන්නේ ෆයිසර් සහ මොඬේනා යන සමාගම් ද්විත්වය අත්හදා බැලූ එන්නත් දෙකෙහි සාර්ථකත්වය 95% ක්. එහෙත්, මෙම එන්නත් 02 ලොව පුරා බෙදාහැරීමේදී ගැටළුවක් මතුව ඇත්තේ අධික ශීතාගාර තුළ එම එන්නත් ගබඩා කර ප‍්‍රවාහනය කිරීමට සිදුවීම හේතුවෙන්. 


ඊට පිළිතුරක් ලෙස සරල ක‍්‍රමයකට ප‍්‍රවාහනය කළ හැකි එන්නතක් පිළිබඳ ඊයේ සුභ ප‍්‍රතිඵලයක් නිකුත්වූයේ ඔක්ස්ෆර්ඞ් සරසවියෙන්. එම එන්නත ලොව  ඕනෑම රටක් දැරිය හැකි මිලකට ද ලබාගත හැකියි. කෙසේවෙතත්, එම එන්නතෙහි සාර්ථක්වය 70% ක්. මෙම එන්නත් 03 ටම මේ දක්වා අවශ්‍ය අනුමැතිය හිමිවී නැහැ. 


ඒ අනුව කොරෝනා වෛරසයට සාර්ථක ප‍්‍රතිචාර දැක්වීමට නම් එන්නතක සාර්ථකත්වය කුමන මට්ටමක තිබිය යුතු දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. ලෝකයේ  ඕනෑම එන්නතක් සියයට සියයක සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන බව වෛද්‍ය රසායානගාර වෘත්තිකයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවා. 


කොවිඞ් 19 රෝගී තත්ත්වය අලූත් රෝගී තත්ත්වයක් බැවින් පළමුවරටම සාර්ථකත්වක් පෙන්වන එන්නතක් නිපදවීම අවිනිශ්චිත බව ද මෙහිදී පැහැදිළි කෙරුණා.  කොවිඞ් 19 රෝගී තත්ත්වය සඳහා භාවිත කළ යුත්තේ අවම වශයෙන් සියයට 90 ක හෝ සාර්ථකත්වක් පෙන්වන එන්නතක් බවයි වෛද්‍ය රසායානගාර වෘත්තිකයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ. 


ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රි ලංකාවට දන්වා ඇත්තේ අනුමැතිය හිමිවන කොවිඞ් 19 එන්නතක් මෙරට ජනගහනයෙන් සියයට 20 කට ලබාදීමට සූදානම් බවයි.

No comments

Ads Place