Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා පාලනයේදී ලෝකයේ දියුණු රටවලට වඩා අප ඉදිරියෙන්…

බලයේ සිටියදී බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගත නොහැකි වුනු විපක්ෂය ආණ්ඩුවට කොවිඩ් පාලනය කිරීමට නොහැකිවී ඇති බවට ...


බලයේ සිටියදී බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගත නොහැකි වුනු විපක්ෂය ආණ්ඩුවට කොවිඩ් පාලනය කිරීමට නොහැකිවී ඇති බවට අදෝනා නැගීම තරම් විහිළුවක් තවත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවයි.

ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට කරන චෝදනා පදනම් රහිත බවයි.

කොවිඩ් පළමු හා දෙවන රැල්ල පාලනය කලාක් මෙන්ම කොවිඩ් තුන්වන රැල්ලද සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහයෝගයෙන් පාලනය කිරීමට ආණ්ඩුව ගතහැකි පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද (04) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ කොවිඩ් පාලනය කිරීමේ වැඩසටහන විවේචන කිරීම හැර විපක්ෂය මේ සදහා කිසිදු උදව්වක් කර නෑ. අඩුම තරමේ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සහනයක් සලසන්න කිසිම පියවරක් අරගෙන නෑ. ආණ්ඩුව විදියට අපි මේ වෙනකොට කොවිඩ් රැල්ල පාලනය කිරීම සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සමග එකතුවෙලා හැම දෙයක්ම කරනවා.

කොවිඩ් වසංගතය ලංකාව විතරක් බලපාපු ප්‍රශ්ණයක් නෙමෙයි. මුළු රටටම බලපාන ප්‍රශ්ණයක්. අපිට වඩා සෞඛ්‍ය අංශ දියුනු රටවල පවා මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න ලොක් ඩවුන් කරලා. එංගලන්තය මාසයක්ම ලොක් ඩවුන් කරලා. ඉතාලිය ලොක් ඩවුන් කරලා. සංසන්දනය කරනකොට ලෝකේ දියුණුයි කියන රට වලට වඩා කෝවිඩ් පාලනයේ දී අපි ඉදිරියෙන් ඉන්නේ.

බුද්ධි අංශ තොරතුරු දීලා තිබියදීත් එදා ආණ්ඩුවට බැරි උනා ඒ පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න. ඒ අය තමයි අද විපක්ෂයේ ඉදිමින් ආණ්ඩුවට චෝදනා කරන්නේ කෝවිඩ් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කියලා. විපක්ෂයට තියෙන්නේ මානසික රෝගයක්. තමන්ට බැරිදේ වෙන කවුරු හරි කරනකොට බලන් ඉන්න බැරි කම.පාස්කු ප්‍රහාරයෙන් රටේ ජනතාව බේරගන්න බැරි වුන අය තමයි අපිට බණ කියන්න එන්නේ.

මේවනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය කරන්න හැකියාව ලැබිලා කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. මිනුවන්ගොඩ අවධානමෙන් බැහැරවෙලා කියලත් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමිය කිව්වා. ඇදිරි නීතිය පවතින ගම්පහ දිස්ත්‍රික්කයට අපි රුපියල් 5000 දීමනාව මේ වන විට ලබා දෙනවා. නිරෝධායනය වන පවුල් වලට රුපියල්  10000 වටිනා බඩුමල්ලක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා.  ඉදිරියේදී නිවෙස් අසලටම අත්‍යවශ්‍ය භාණ්ඩ යැවීමේ වැඩ පිළිවෙලක් අප සකස් කර තිබෙනවා. මේ රෝගය වලක්වා ගතහැකි වන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව කටයුතු කලොත් පමණයි. ඒ නිසා අප මේ මොහොතේ කල යුත්තේ රෝගය පැතිර යාම වැලක්වීමට ගතයුතු ගහත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමයි.”

lankacnews

No comments

Ads Place