Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැගවී සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයාගනී.. සැගවෙන්න උදවු කර ඇත්තේ දේශපාලඥයෙක්.. ඒ ගැන ඉහලටම පැමිණිලි කරයි..

මින්නේරිය ප්‍රදේශයේ පිහිටි සංචාරක බංගලාව සැඟව සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයා ගෙන තිබේ. පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්....


මින්නේරිය ප්‍රදේශයේ පිහිටි සංචාරක බංගලාව සැඟව සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයා ගෙන තිබේ.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්.කේ.ඩබ්.එස්. කුමාර මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු තිබියදී හොර රහසේ පැමිණ මෙහි සැඟවී සිට ඇති බවයි.

මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් සැඟවී සිට ඇත්තේ ධීවර සංස්ථාව අයත් සංචාරක බංගලාවක් බවත් ඔහු සඳහන් කළේය.

ඔවුන් සමඟ රැඳී සිටි තවත් හතරදෙනකු කොරෝනා පරික්ෂා සඳහා යොමු කර ඇති අතර ආසාදිතයන් තිදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පිරිවර ගෙන තිබේ.

පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ මගහරිමින් මෙම කොරෝනා ආසාදිතයන් හොර රහසේ සගවා තබාගැනීමට එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place