Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ට ඇප නොදීමට හේතුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉ...


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වෛරසය මන්ත්‍රීවරයාට ආසාදනය වීමට ඉඩකඩක් ඇති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස පසුගිය 10 වනදා ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලීමක් සිදුකර තිබුණි.

කෙසේවෙතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි කිසිදු නිලධාරියෙකුට හෝ රැඳවියෙකුට වෛරසය ආසාදනය වී නොමැති  බවට පසුගිය 9 වනදා බන්ධනාගාර අධිකාරීවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොමැති බවට පෙනී යන බැවින් මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ සිද්ධියේ තුන්වන සැකකරු ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එහි දෙවන සැකකරු ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

2019 ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීම තුළින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

adaderananews

No comments

Ads Place