Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් ගත කොරෝනා ආසාධිතයන් හයදහස ඉක්මවයි

මෙරට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 6,140 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  ඒ, ඊයේ දිනයේදී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර...


මෙරට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 6,140 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේදී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 409 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේවනවිට වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,266 ක්. ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයින් 409 දෙනාගෙන් 146 දෙනෙකු ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගෙන ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක බැවින් ජනතාව ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙයසි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. 

මේ අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු 03 ක් මේවනවිට හුදෙකලා කර තිබෙනවා. රාජගිරිය, කළුබෝවිල සහ කැළිණිය යන පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු එලෙස හුදෙකලා කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.  

පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබළුන් 56 දෙනෙකුට මේවනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් එම කඳවුරු මෙලෙස හුදෙකලා කර තිබෙනවා. මේවනවිට පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය හා සම්බන්ධ තත්ත්වයන්හිදී මහජනතාවට කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය හා පහසුවෙන් සම්බන්ධවීමට ක්‍ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ කාර්යය භාර්යය නිලධාරීයා ඇමතීම සඳහා දුරකථන අංක 03 ක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක වන්නේ 011 2 86 00 02, 011 2 86 00 03 හා 011 2 86 00 04 .  

මේ අතර 011 4 05 59 32 යන දුරකථන අංකය හරහා නාවුක හා ගුවන් හමුදා කාර්යය භාර නිලධාරී සම්බන්ධ විය හැකියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දුරකථන අංක 02 ක්ද මහජනතාව වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංක වන්නේ 011 3 68 86 64 සහ 011 3 03 08 64. 

nethnews

No comments

Ads Place