Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානයට ඇති හැකියාව සොයාබලන ලෙස ඉල්ලීමක් කළා -අධිකරණ අමාත්‍

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අම...


කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් නයින්ටීන් ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා,

“මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ. ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයත් ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානය ලබා දීලා තියෙනවා. මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා. මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක.“

adaderananews

No comments

Ads Place