Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් විවෘතවුවත්, ළමුන්ගේ අඩුවක් - පොලීසියත් සීරුවෙන්

  බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා වූ ළමුන් සදහා පමණක් අද දිනයේ පාසැල් යළි ආරම්භ කෙරුණා. මෙලෙස පාසැල් ...

 


බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා වූ ළමුන් සදහා පමණක් අද දිනයේ පාසැල් යළි ආරම්භ කෙරුණා. මෙලෙස පාසැල් කටයුතු අද ආරම්භ කෙරුණේ පූර්ණ සෞඛ්‍ය නිර්දේශ මතයි.  නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ පාසල්වලට පැමිණි සියලූ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටි බවයි. 

සෑම පාසලක් අසලම දෑත් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබූ බවත්, දරුවන් මෙන්ම ගුරු මණ්ඩලය ද මීටරයක දුර පවත්වා ගනිමින් නිවැරදි සෞඛ්‍ය උපෙදස් අනුගමනය කරමින් කටයුතු කළ ආකාරය දැකගත හැකි වූ බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. 

අද උදෑසන කාලයේ පාසැල් විවෘත කළ ප‍්‍රදේශවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා නෙත් නිවුස් වාර්තාකරුවන් ක්ෂේත‍්‍ර චාරිකාවක නිරත වුණා. ඊට එක්වූ නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ නාගරික පාසැල්වල දරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද, ග‍්‍රාමීය පාසැල්වල දරුවන්ගේ පැමිණීම ප‍්‍රශස්ථ මට්ටමක තිබූ බවයි. 


කෙසේවෙතත්, මාතර දිස්ත‍්‍රික්කයේ බොහෝ පාසැල්වල දක්නට ලැබුණේ සිසුන්ගේ පැමිණීමේ අඩුවක් බව නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද සඳහන් කළා. 

පාසැල් විවෘත කිරීමට විරෝධය පළ කළ සිද්ධියක් අද පෙරවරුවේ මහනුවරින් වාර්තා වුණා. නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් ඒකනායක පැවසුවේ දරුවන්ගේ පැමිණීමේ අඩුවක් පැවතිය ද ගුරුවරුන් සුපුරුදු පරිදි පාසැල් වෙත පැමිණ සිටි ආකාරය දැකගත හැකි වූ බවයි. 

උතුරු නැගෙනහිර තත්ත්වය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. උතුරේ පාසැල්වල ද දක්නට ලැබුණේ අඩු සිසු සහභාගීත්වයක්. මේ, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය. 

වතුකරයේ ද දක්නට ලැබුණේ පාසැල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක්. නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ පාසැලට පැමිණි සිසු සිසුවියන්, විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන් ද පැසල් තුළට ඇතුළත් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ බවයි. ඇතැම් පාසැල්වල පන්ති කොටස් දෙකකට වෙන් කර තිබූ බව ද ඔහු පැවසුවා. 


මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පාසැල් කටයුතු නිසි පරිදි සිදුවන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.  

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම මව්පියන්ට ද පැවරෙන වගකීමක් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක කටයුතු අද උදෑසන සාමාන්‍ය පරිදි සිදුවූ බවයි. පවතින අවදානම සලකා නැගෙනහිර පළාතේ පාසැල් 05 ක් සහ වයඹ පළාතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පාසැල් කිහිපයක් ද, සබරගමුවේ සහ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පාසැල් කිහිපයක් ද අද විවෘත කර නැහැ. 

No comments

Ads Place