Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසාදිතයින් පරීක්ෂණ නොකර ගෙදර යැවීමෙන් බරපතල තත්ත්වයක්

රසායනාගාර සේවාව තුල පරීක්ෂණ ක්‍රමවේද සහ පහසුකම් තිබියදී, දින 14ක් නිරෝධායනය වූ ආසාධිතයින් කිසිදු පරීක්ෂණයක් සිදු නොකර මුදා හැරීම වැරදි බව වෛ...


රසායනාගාර සේවාව තුල පරීක්ෂණ ක්‍රමවේද සහ පහසුකම් තිබියදී, දින 14ක් නිරෝධායනය වූ ආසාධිතයින් කිසිදු පරීක්ෂණයක් සිදු නොකර මුදා හැරීම වැරදි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.",

"රසායනාගාර සේවාව තුල පරීක්ෂණ ක්‍රමවේද සහ පහසුකම් තිබියදී, දින 14ක් නිරෝධායනය වූ ආසාධිතයින් කිසිදු පරීක්ෂණයක් සිදු නොකර මුදා හැරීම වැරදි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ අතරම, කොරෝනා පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික උපදෙස් කමිටුව දිගින් දිගටම, වෛද්‍ය රසායනාගාර විද්‍යාවේ සම්පූර්ණ හැකියාව භාවිත නොකර සිටීම හේතුවෙන් වසංගත පාලනය අනතුරේ යවමින් සිටින බවට ද එම සංගමය චෝදනා කරයි. ඒ අනූව දින 14කින් පසු වූ ආසාධිතයින්ගේ ප්‍රතිදේහ ගොඩ නැගීම පිළිබද සිදු කරනු ලබන පහසු පරීකෂණ ක්‍රම ස්ථාපිතව තිබියදී, පරීක්ෂණ සිදු නොකරමින් අසාධිතයින් ගෙදර යැවීම බරපතල අවධානමක් බවට ද කුමුදේශ් මහතා අනතුරු හඟවයි. සුවපත්දැයි සොයන්න PCR ම ඕන නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාකෂණික කමිටුව තුල නිවැරදි උපදෙස් ලබා දීමට අදාල සියළු පාර්ශවයන් නොසිටීම නිසා මෙම තත්ත්වය ඇති බවත්, දැනට මූලික රෝහල් දක්වා ස්ථාපිතව ඇති ප්‍රතිශක්තික ජීව රසායන විශ්ලේෂක යන්ත්‍ර (Immuno Chemistry Analysers) භාවිතා කරමින්, ඉතා පහසුවෙන් අදාල අසාධිතයින්ගේ රෝග සුවපත් වීම පිළිබද තහවුරු කර ගත හැකි බවද ඔහු කියා සිටී. ආසාධිතයෙකුගේ සුවපත්වීම පිළිබද තීරණය කිරීම සදහා PCR පරීක්ෂණවලට වඩා එම පරීක්ෂණය සුදුසු බවත්, එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කීය. ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කිරීමට සූදානම් කර තබන ලෙස තම සංගමය පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉල්ලීම් කල බවත්, මාස හයකට පමණ පසුව මේවනවිට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පමණක් ආරම්භ කර ඇති නමුත්, ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද කිරීමෙන් ඉදිරියේදී වසංගතය පිළිබද අත්‍යාවශ්‍ය වෛද්‍ය රසායනාගාර දත්තයන් ගණනාවක් සපයා ගැනීමට නොහැකිවන බවද ඒ මහතා අවධාරණය කරයි. ඒ නිසාම, කොරෝනා පිළිබද තාක්ෂණික උපදෙස් කමිටුව මීට වඩා දැනුවත්ව හා පුළුල් පරාසයක් තුළ කටයුතු කිරීම සදහා සිය දුර්වලතාවයන් සකසා ගැනීම අත්‍යාවශ්‍ය බවද ඔහු පෙන්වාදෙයි."

srilankamirror

No comments

Ads Place