Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද‍්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවක...


බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් හයදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඉකුත් 03 වන දා එම ආයතනයේ සේවකයන් හැත්තෑවකට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය මත එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කර අත්‍යවශ්‍ය මුද්‍රණ කටයුතු නාරාහේන්පිට ශාඛාවේදී සිදු කරමින් පවතී.

දෙපාර්තමේන්තුව විශබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමට කටයුතු කරයි.

No comments

Ads Place