Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනීතික ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට දෙන සංතෝෂමක්…?

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් විෂමතා නිවැර...


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් විෂමතා නිවැරදි කරන මුවාවෙන් ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ සූදානමක්! අනීතික ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට දෙන සංතෝෂමක් දැයි සැකයි!

විදුලිබල මණ්ඩලයේ වැටුප් විෂමතා දුරු කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් විදුලිබල අමාත්‍යවරයා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඉතිහාසයේ සෑම විටම වැටුප් විෂමතා දුරුකරන මුවාවෙන් සිදුවූයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම වන අතර මෙවර සිදුවීමට නියමිතව ඇත්තේද එවැනිම දෙයකි. විදුලි බල පනතේ සදහන්ව ඇති පරිදි තරගකාරී ටෙන්ඩර් කැදවීමකින් තොරව පරිසර හිතකාමී නොවන ගල් අගුරු බලාගාරයක් සෑදීම සදහා චීන සමාගමකට අවසර ලබා ගැනීම සදහා විදුලි ඉංජිනේරුවන් සතුටු කිරීම සදහා මෙසේ  වැටුප් වැඩි කරනවාද? යන්න පිළිබදව අප තුළ සැකයක් මතුවී ඇත. අදාල බලාගාරය ඉදිකිරීමට සැරසෙන සමාගමේ ප්‍රධානියකු ලෙස කටයුතු කරනු ලබන්නේ  විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිළයක් දැරූ පුද්ගලයෙකි.

විදුලි ඉංජිනේරුවරුන් විසින් ගෙවිය යුතු ආදායම් බදු මේවන විට ගෙවනු ලබන්නේද විදුලි පාරිභෝගිකයින් වන නිසා මෙම අවස්ථාවේ විදුලි ඉංජිනේරුවරුන්ට වැටුප් නොකලයුතු බව අප සංවිධානයේ අදහස වන අතර විදුලිබල අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ විදුලි ඉංජිනේරුවරුන්ට වැටුප් වැඩි කිරීමට තිබෙන උනන්දු විදුලි පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටද තබා ගන්නා ලෙසයි.

තරගකාරී ටෙන්ඩර් කැදවීමකින් තොරව නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම සදහා චීන සමාගමකට ලබාදීමේ සැළසුම සදහා අනුමැතිය ගැනීම සදහා මේ වන විට මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. මෙම චීන සමාගම විසින් ඉදිකරන ලද බලාගාරයක් මේ වන විට නිතර නිතර බිදවැටී විදුලි පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කරමින් සිටී. එම යෝජිත සමාගම විසින් මීට පෙර ලබාගෙන තිබූ අත්තනගල්ල ජල ව්‍යාපෘතියක් ද  අසමත් වී තිබෙන පසුබිමක එම සමාගමට තවත් බලාගාරයක්ම ඉදිකිරීම සදහා ලබා දෙන්නේ කුමන් පදනමකින්ද යන්න අප ප්‍රශ්න කරන අතර යම් හෙයකින් උක්ත විදුලි බලාගාරය ඉදිකිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දීම කල හොත් අප විසින් නීත්‍යාණුකූලව කටයතු කරන බවද දන්වමු.

විදුලි බල මණ්ඩලය නඩත්තු වන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයින් වන බව අප විදුලි බල අමාත්‍යවරයාට මතක් කර දෙන අතර විදුලි මාෆියාවට සම්බන්ධ පුද්ගලයින්ගෙන් උපදෙස් ගෙන විදුලි පාරිභෝගිකයා අසීරුතාවට හා පීඩාවට පත් කරන තීන්දු තීරණ ගන්නේ නම් ඔබටද සිදු වන්නේ අතීතයේ විදුලිබල අමාත්‍යවරුන්ට අත්වූ ඉරණම බවද කණගාටුවෙන් සදහන් කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments

Ads Place