Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනුවන්ගොඩ කොරෝනා අවදානම පහව යයි.. වැසූ ගම්මාන විවෘත කරයි..

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය...


මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය පවසයි. මේ වන විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසා දමා තීබූ ග්‍රාම සේවා වසම් තුන විවෘත කිරීමටද අදාල අංශ වෙත නිර්දේශ කල බවද ඇය කියා සිටියි.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශ තුල මෙම අවධානම තවමත් පවතින බවත් මිනුවන්ගොඩ ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම් ඇදිරි නීතිය ලිහිල් කිරීමට බලධාරීන්ට නිර්දේශ කල හැකි බවත් ඇය කියා සිටියාය.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී වෛද්‍යවරිය මේ බව සදහන් කලාය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භ වුනේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතවය. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් 121ක මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ 11000 කට අධික සංඛ්‍යාවක් කර තිබේ. ඉන් 680 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හදුනා ගැනින. බ්‍රැන්ඩික්ස් ආයතනය ආසන්නයේ ඇති ගණිහිමුල්ල, පේරලන්ද හා හැලකන්දන ග්‍රාමසේවා වසම් වසා දැමිණි. එම ගම්මාන වල සියලු දෙනා පාහේ මේ වන විට පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර තිබේ.  ඒ අනුව ගණිහිමුල්ලෙන් 48 දෙනෙකුත්, පේරලන්දෙන් 32කුත්, හැලකන්දෙන් 16 දෙනෙකුත් කොවිඩ් ආසාධිත ලෙස හදුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය මෙහිදි කීවාය. පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සල හා සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් මිනුවන්ගොඩ ආසන්නයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පමණක් ආසාධිතයන් ලෙස වාර්තා වූ බවද ඇය මෙහිදී කියා සිටියාය.

ඔක්තොම්බර් 03 සිට මේ ගත කරන්නේ 04 වන සතිය බවත් මිනුවන්ගොඩ ජනතාව ස්වයං විනයකින් කටයුතු කරන්නේ නම් ඇදිරි නීතිය ඉවත් කල හැකිව තිබෙන බවත් ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු නොකරන නිසා පවතින ඇදිරි නීති තත්ත්වය ලිහිල් කිරීමට නොහැකි වී ඇති බවත් වෛද්‍යවරිය මෙහිදී කියා සිටියාය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු රැස්ව සිටි පිරිස අත්පොලසන් දෙමින් මෙහිදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය ඇතළු කාර්යය මණ්ඩලය කල සේවය ඇගයීමකට ලක් කලහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ කොවිඩ් වසංගතයේ දී වැඩිම අවධානමකින් කටයුතු කල පිරිස වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය බවයි. මිනුවන්ගොඩ ජනතාව වෙනුවෙන් මෙන්ම රජය වෙනුවන්ද ඔවුන්ට සිය ස්තූතිය පුද කරන බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාදේශය ලේකම්, සහකාර ප්‍රාදේශිය ලේකම් පාලාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

lankacnews

No comments

Ads Place