Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිට, පවිත්‍රාට,චන්නට, සීතාට එරෙහි මඩ මෙහෙයුමක්… වෙන්න ජනපති සහ දත් දොස්තරලා දෙදෙනෙක් තිරය පිටුපස…

පැතිර යන කොරෝනා වසංගතය හමුවේ ජනපතිට සහ ආණ්ඩුවේ චරිත කීපයකට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාරය එල්ල කර ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුමක් අරඹා...


පැතිර යන කොරෝනා වසංගතය හමුවේ ජනපතිට සහ ආණ්ඩුවේ චරිත කීපයකට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාරය එල්ල කර ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇත. ජනපතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන චරිත පළවෙනි වටයේ දී මෙම කණ්ඩායම තෝරාගෙන ඇත.

ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් හා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විවිධාකාර ලෙස විවේචනය කරමින් මෙම ව්‍යාපෘතිය කරගෙන යන ලෙස උපදෙස් ලබා ලබාදී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන උස හීන්දෑරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

අගමැති සිහිනය දකින සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හිටපු අමාත්‍යවරයෙක් ද මේ සඳහා උදව් උපකාර කරන අතර ඔහුට සම්බන්ධකම් ඇති කළුතර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ද මෙම ව්‍යාපෘතියට කැඳවා ඇත.
ආණ්ඩුවේ ප්‍රතිරූපය රැකෙන වෘත්තීය මට්ටමේ චරිත සුනුවිසුනු කළ යුතු බව අදහස් දක්වා ඇති උස හීන්දෑරි මන්ත්‍රීවරයා ඔවුන්ගේ පවුල්වල කරුණු කාරණා ද එළියට ඇද හැකිතරම් ප්‍රහාර එල්ල කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මෙහෙයුම භාරදී ඇත්තේ පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු වී නාමයෝජනා නොලැබුණු දකුණු පළාත නියෝජනය කරන දන්ත වෛද්‍යවරයෙක්ට ය. සජිත් ප්‍රේමදාසගෙන් හිස් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට කෙසේ හෝ එම දන්ත වෛද්‍යවරයා ව ගෙන එන බව උස හීන්දෑරි පුද්ගලයා ලබාදුන් පොරොන්දුවක් මත ඔහු මෙම ව්‍යාපෘතිය භාර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සියලු කාරණා අදාළ අංශ මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීත්‍යානුකූල ලෙස කටයුතු කිරීමට නියමිතය .

lankacnews

No comments

Ads Place