Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිරෙන් පිට වීම තහනම් - ආරක්ෂක අංශ වෙතින් විශේෂ වැඩපිළිවෙලක්

ඊයේ රාති‍්‍රයේ සිට ලබන 15 වනදා මධ්‍යම රාති‍්‍ර 12 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාමට කිසිවෙකුටත් අවසර හිමි නොවන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරා...


ඊයේ රාති‍්‍රයේ සිට ලබන 15 වනදා මධ්‍යම රාති‍්‍ර 12 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාමට කිසිවෙකුටත් අවසර හිමි නොවන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 


කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම මීට හේතුවයි. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියාසිටියේ  ඕනෑම අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට අවසර ඇතත් ඉන් පිටවීමට කිසිදු අවසරයක් ලබානොදෙන බවයි. එය සියළු සේවාවලට පොදු බවද යුද හමුදාපතිවරයා අවධාරණය කළා.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


ඒ අනුව මෙම තීරණයත් සමග ලංගම සහ බස් රථ සේවාද සීමා කිරීමට ප‍්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා. ලංකා ගමනා මණ්ඩලය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ බස්නාහිර පළාතට පැමිණෙන සහ පිට පළාත් බලා පිටවන සියළුම බස් රථ සේවා ඉරිදා මධ්‍යම රාති‍්‍රය දක්වා අත්හිටුවා ඇති බවයි. 


බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සදහන් කළේ පිට පළාත්වල සිට බස්නාහිර පළාතට පැමිණීමට නියමිත සියළු බස් රථවලට ධාවන වාර නතර කරන ලෙස දැනුම් දී ඇති බවයි. පළාත් සීමාවට පමණක් පැමිණීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙහි අරමුණ බවද ප‍්‍රකාශ කෙරුණා.


මේ අතර ලබන ඉරිදා මධ්‍යම රාති‍්‍රය දක්වා දුම්රිය ධාවනය ද සංශෝධනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පවසනවා. ඒ අනුව බෙලිඅත්ත, මහනුවර, මහව, පුත්තලම, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සහ එම මාර්ගවල ධාවනය කරන සෙසු දුම්රියන්ට අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළගාවීමට අවසර දී තිබෙනවා. 


පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන්ට බස්නාහිර පළාත් සීමාවේ පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලූත්ගම, අඹේපුස්ස, කොච්චිකඬේ, අවිස්සාවේල්ල දක්වා ධාවනය කිරීමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 


කෙසේවෙතත් ප‍්‍රාදේශීය වශයෙන් ධාවනය වන සියළු දුම්රියන් නියමිත පරිදි ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ. මේ අතර බස්නාහිර පළාතේ සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගය හරහාද පිට පළාත්වලට පිවිසීමට ඇති අවස්ථා අවහිර කිරීමටද තීරණය කර තිබෙනවා.

nethnews

No comments

Ads Place