Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක සේවකයෙක්ට කොරෝනා

පසුගියදා මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වීමත් සමග ඔවුන් PCR පරීක්ෂණයට ලක්කළ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේව...


පසුගියදා මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වීමත් සමග ඔවුන් PCR පරීක්ෂණයට ලක්කළ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සිදුකළ PCR පරීක්ෂණයේදී මේ බව තහවුරු වීමත් සමග එම කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කාර්ය මණ්ඩලයද මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ.

මේ අතර, හොරණ ගුරුගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 200කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වීම නිසා එම ආයතනයට අනුබද්ධ අගලවත්තේ කැකුළන්දල සහ පිඹුර පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවල අහඹු ලෙස තෝරාගත් සේවකයින් 50 දෙනෙකුට පසුගියදා PCR පරීක්ෂණ සිදුකර තිබුණි.

ඉන් අනාවරණ වුණේ සේවකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබු බවය.

adaderananews

ඉන් පසු ඉකුත් 4 වැනිදා තවත් සේවකයින් 204දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කළ අතර ඊයේ (09) නිකුත් වූ එහි වාර්තා අනුව කර්මාන්තශාලාවේ තවත් 6දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුණී.

ඒ අනුව කැකුළන්දල කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිත සේවකයින් ගණන 9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No comments

Ads Place