Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැදි වයසේ අය කොවිඩ්වලින් මියයෑමේ ප්‍රවණතාවය වැඩිවෙලා -වෛද්‍ය හරිත අලුත්ගේ

මෙරට සිදුවු කොවිඩ් මරණ රැසක් වයස්ගත ජනතාව ආශ්‍රයෙන් සිදුවුවත් මේ වන විට මැදි වයසේ පුද්ගලයින් ද බොහෝමයක් එම තත්ත්වයට මුහුණ පා ඇතැයි රජයේ වෛද්...


මෙරට සිදුවු කොවිඩ් මරණ රැසක් වයස්ගත ජනතාව ආශ්‍රයෙන් සිදුවුවත් මේ වන විට මැදි වයසේ පුද්ගලයින් ද බොහෝමයක් එම තත්ත්වයට මුහුණ පා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 40 - 50ත් අතර මැදි වයසේ පුද්ගලයින් කොවිඩ් සංකූලතා හා හෘදයාබාධ හේතුවෙන් මියයෑමේ වැඩි ප්‍රවණතාවයක් අවසන් දින කිහිපය තුළ දක්නට ලැබුණ බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් මරණ විශ්ලේෂණයේ දී,  නිවෙස් තුළ මියගිය බොහෝමයක් බෝනොවන රෝගවලින් පෙළෙන අය බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි පිරිස් රැක ගැනීම සඳහා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් එසේ වුවහොත් කොවිඩ් පාලනය පහසු වනු ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

මේ අතර ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 635ක් වාර්තා වු අතර ඉන් ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව පුද්ගලයින් 78 දෙනෙක් වාර්තා වී තිබේ. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“අලුත්ම අපිට ප්‍රවණතාවය මතුවෙලා තියෙන්නේ ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව යම් රෝගීන් ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඊයේ දිනයේ දී විදෙස් ජාතිකයින් පවා මේ ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව පොසිටිව් වුණා. මේක යම් බැරෑරුම් තත්ත්වයක් ලෙස අපි දකිනවා. ඒක නිසා විශේෂ අවධානය ඉදිරියේ දී මේ වගේ ජාලයක් මේ වගේ පොකුරක් ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත යුතුයි. “

adaderananews



No comments

Ads Place