Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කරන එකම රෝහලෙන් අනාවරණයක්

කොවිඩ් -19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිතකර තිබේ. එහි විශේෂඥ...


කොවිඩ් -19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිතකර තිබේ.

එහි විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවැසුවේ මේ වනවිට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවය.

මේ වනවිටත් කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් පොසිටිව් ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එහිදී විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ  "ලංකාවටම තියෙන එකම මාතෘ කොවිඩ් පොසිටිව් ඒකකය තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කරලා තියෙන්නෙ. මේ වෙනකොට ලංකාවේ මව්වරුන් 80කට වැඩි ගණනකට කොවිඩ් වෛරසය වැළඳිලා තියෙනවා. කොවිඩ් වෛරස් ආසාදිත ගැබිනි මව්වරුන් 04 දෙනෙක් මේ රෝහලේදී දරුවන් බිහිකළා. කොවිඩ් වෛරසය ශරීරයේ නොමැති මට්ටම වාර්තා වුණාම මේ අය නිවෙස් බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ." යනුවෙනි.

adaderananews

No comments

Ads Place