Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල් සිල්ලර මිලෙහි වෙනසක් නොවන බවට ප‍්‍රකාශයක්

සහල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් වෙනුවෙන් උපරිම විකුණුම් මිලක් නියම කෙරුණුද සහල් සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොවන බව පාරිභෝගික අධිකාරිය පවස...


සහල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් වෙනුවෙන් උපරිම විකුණුම් මිලක් නියම කෙරුණුද සහල් සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොවන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඒ අනුව කැකුළු සහල් කිලෝවක් රුපියල් 93කට, නාඩු කිලෝවක් රුපියල් 96 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 98 කට අළෙවි කළ යුතුයි. 


ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සහල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල රුපියල් 89 ක් ලෙසයි. නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක උපරිම විකුණුම් මිලක් නියම කර තිබෙනවා. සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල වන්නේ රුපියල් 94 ක්. අති විශේෂ ගැසට් නිවේදනයකින් ඒ බව ප‍්‍රසිද්ධ කළ අතර ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු හෝ මෝල් හිමියෙකු එම සහල් වර්ග නියමිත මිලට වැඩියෙන් අලෙවි කිරීම සිදු නොකළ යුතු බව එහි සදහන්.


රජය ගත් මෙම පියවර සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද අදහස් පළ කළා.

nethnews

No comments

Ads Place