Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් නිලධාරියෙකුගේ පොලිස් රියදුරෙකු හෙරොයින් ජාවාරමේ

පොලිස් මූලස්ථානයට අයත් විශේෂ කොට්ඨාශයක උසස් නිලධාරියෙකුගේ රියදුරෙකු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැක...


පොලිස් මූලස්ථානයට අයත් විශේෂ කොට්ඨාශයක උසස් නිලධාරියෙකුගේ රියදුරෙකු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැකකරු දීර්ඝ කාලයක සිට තම නිල ඇඳුම හා හැඳුනුම්පත අවභාවිත කරමින් හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ඇති බවයි.


ගාල්ල සිට පානදුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවතා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමත් සමගයි සැකකාර රියදුරා පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඇඳිරි නීති බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ චෝදනාව මතයි. 


කෙසේවෙතත්, සැකකරු සමග හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද එහිදී හැකිවී තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගැනුණු පිරිස හෙරොයින් ජාවාරමට සම්බන්ධ කසුන් පුෂ්පකුමාර නොහොත්, ‘‘කරවලයා’’ නමැත්තා ද සිටින බවයි. ඔහු මෙම පොලිස් රියදුරාගේ සහයෙන් පානදුර ප‍්‍රදේශයේ සිට ගාල්ල, මිදිගම, වැලිගම, කළුතර, වාද්¥ව යන ප‍්‍රදේශවලට මහා පරිමාණයෙන් හෙරොයින් රැගෙනවිත් ඇති බව ද අනාවරණ වී තිබෙනවා. 

nethnews

No comments

Ads Place