Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුරකථන අංකය ලබා නොදුන් නිසා සේවිකාවකට පහර දුන් රාජ්‍ය සේවයේ ලොක්කා පිළිබඳ පරීක්ෂණයක්

  බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක...

 


බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 


ඒ, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදියි.


පහර දුන් නිලධාරීවරයා බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමානාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ. පහරකෑමට ලක්ව ඇත්තේ එහි කළමනාකාර සහකාර නිලධාරිනියක් බවට ද වාර්තා පළ වනවා. 


එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම ඇය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබූ අතර එය ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමග ඒ සම්බන්ධයෙන් කථාබහක් මතුවුණා

No comments

Ads Place