Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝවිඩ් මළසිරුරු ආදාහනය කිරීමේ තීන්දුවේ කිසිඳු වෙනසක් නැහැ – මහාචාර්ය මෙත්තිකා විතානගේ

කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට තීන්දු කළ විද්වත් කමිටුවේ සාමාජික මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පුවත්පත් වලට ප්‍රකාශයක් නිකුත් කරමින...


කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට තීන්දු කළ විද්වත් කමිටුවේ සාමාජික මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පුවත්පත් වලට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ එම කමිටුව විසින් ගනු ලැබූ මුල් තීන්දුවේ කිසිඳු වෙනසක් නොමැති බවය.

එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයින්, විවිධ විශේෂඥ වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් අයත් වේ.

ලෝකයේ පර්යේෂණ දත්ත අනුව නව තත්වයන් පිළිබඳව මාස දෙකකට පසුව සමාලෝචනයක් කරන බවද ඇය පවසයි.

තවදුරටත් අදහස් දැක්වා ඇති ඇය අවධාරණය කරන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් දින 27 කට පසුවත් පෙනහළුවල වෛරසය තිබූ බව එංගලන්තයේ සිදු කළ පර්යේෂණයක් මඟින් හෙළිදරව් වී ඇති බවය.

මේ පිළිබඳව අදහස් දක්වන විචාරකයින් ප්‍රශ්ණ කරන්නේ මහා ප්‍රශ්ණයක් බවට පත්කරන්නේ මුස්ලිම් මරණ කීයක් සම්බන්ධයෙන්ද යනුවෙනි.

දැන් හින්දුවරුන් සහ කතෝලික ජනතාව එසේ ඉල්ලීම් කළහොත් කරන්නේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්ණ කරති.

No comments

Ads Place