Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යතුරුපැදියෙන් යමින් සිටි පුද්ගලයෙක් මහමග ඇදවැටී මිය ගිහින්

  යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මාර්ගයේ ඇද වැටී මියගොස් සිටියදී ඊයේ (24) සවස හමු වී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. මිය ගිය ත...

 


යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මාර්ගයේ ඇද වැටී මියගොස් සිටියදී ඊයේ (24) සවස හමු වී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මිය ගිය තැනැත්තා පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ගාලු පාරේ සිට මුහුදු වෙරළ දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස මාර්ගයේ ඇද වැටී ඇත.

ප්‍රදේශවාසීන් ගිලන් රථයක් ගෙන්වා ඔහු රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීමේදී මියගොස් ඇති බවට තහවුරුවී තිබෙන අතර පසුව සෞඛ්‍ය නිලධාරීන් මෘත දේහය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එය පානදුර මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.පී.ඒ. සඳරුවන් මහතා සඳහන් කරනුයේ මෘත දේහය පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා භාජනය කරන බවයි.

මිය ගිය තැනැත්තා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුගේ මාමණ්ඩිය බව දේහය හදුනාගැනීමට පැමිණි ඥාතීන් ප්‍රකාශ කර තිබේ

No comments

Ads Place