Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව පළාත් පාලන ආයතන 83ක්

  පළාත් පාලන ආයතන 83ක් අලුතින් පිහිටුවීම සඳහා දිස්ත්‍රික් කමිටු පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ...

 


පළාත් පාලන ආයතන 83ක් අලුතින් පිහිටුවීම සඳහා දිස්ත්‍රික් කමිටු පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. මෙම උපදේශක කාරක සභාව එහි සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

කොට්ඨාස ක්‍රමයෙන් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම ගැටලු සහගත බවත්, නව මැතිවරණ ක්‍රමය සමාලෝචනය කළයුතු බවටත් මෙහිදී මත පළ විය. අනවශ්‍ය ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයන් නඩත්තු කිරීමට සිදුවීම ගැටලුවක් වී ඇතැයිද රාජ්‍ය නිලධාරීන්ට පළාත් පාලන ක්‍රමයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බවද ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් කීවේය.

විශ්‍රාම වැටුප් නිසි වේලාවට ගෙවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකසන බවද මෙහිදී ඇමැතිවරයා සඳහන් කළේය. විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ සේවය නැවත රජයේ සේවයට ලබා ගැනීම සම්බන්ධවද අවධානය යොමු වූ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් විමසා ඇති බව රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කාරක සභාවට දැනුම් දුන්නේය.

lakaleadews

No comments

Ads Place