Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධීවර සංස්ථාව මාළු කිලෝ 80,000ක් මිලට ගනියි - සමෘද්ධිලාභීන්ට දීමනාව එක්ක මාළු

ධීවර වරායවල ගොඩ ගැසී ඇති මාළු කිලෝ ග්‍රෑම් 80,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව ධීවර සංස්ථාව සඳහන් කරයි. එම මාළු තොග පෞද්ගලික...


ධීවර වරායවල ගොඩ ගැසී ඇති මාළු කිලෝ ග්‍රෑම් 80,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව ධීවර සංස්ථාව සඳහන් කරයි. එම මාළු තොග පෞද්ගලික අංශයේ ශීතාගාර පහසුකම් යොදා ගනිමින් ගබඩා කර ඇති බව එහි සභාපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා පවසයි. බලයා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 200 කටත්, ලින්නා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 150 ක්ටත් ධීවර සංස්ථාව විසින් මිල දී ගන්නා අතර කෙලවල්ලා කිලෝ ග්‍රෑම් එකක් මිලදී ගන්නේ රුපියල් කිලෝ ග්‍රෑම් 350 ක මිලකටය. තලපත් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 550 කටත් කොප්පරා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 600 කටත් මිලදී ගැනීමට ධීවර සංස්ථාව කටයුතු යොදා තිබේ. සමෘද්ධිලාභීන්ට දීමනාව එක්ක රුපියල් 500ක මාළු සමාද්ධිලාභින්ට මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදී එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් මාළු ලබාදීමට රජය තීරණය කර තිබේ. අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. මාළු කිලෝ ලක්ෂ 6ක් කරවල කරයි බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා පවසයි. ඉකුත් මස 27 වැනි දින සිට ඊයේ 2 දින දක්වා යාත්‍රා 72 කින් කිලෝ 6 ලක්ෂ 36407 ක් මත්ස්‍ය තොග බේරුවල ධීවර වරාය වෙත ලැබී ඇතැයි මුදලිගේ මහතා සඳහන් කරයි."

sri lanka mirror

No comments

Ads Place