Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාරවල 75%ක් රිමාන්ඩ් රැදවියන්.. කුඩු ග‍්‍රෑම් 2, ගංජා කිලෝ 5ට අඩු රැදවියන්ට සහනයක්..

  බන්ධනාගාර ජනගහණයෙන් 73%ක් රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන් වන අතර එය බන්ධනාගාරතුල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් අතිගරු ජනාධිපති...

 


බන්ධනාගාර ජනගහණයෙන් 73%ක් රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන් වන අතර එය බන්ධනාගාරතුල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීම සදහා ගතහැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා ආරම්භ කරන ලදි.

ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගෙන් හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kg අඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගේ නඩුකටයුතු කඩිනම් කිරීමට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් ඇතුලු බන්ධනාගාර තදබය සම්බන්ධයෙන් ගත හැකි විවිධ පියවරයන් පිළිබදවත් බන්ධනාගාර තුළ පවතින වත්මන් තත්වය පිළිබදවත්  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දැනුවත් කිරීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (23) අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිතය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන්ගේ නඩුකටයුතු කඩිනම් කර ඔවුන් විශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම හෝ ඔවුන්ට ඇප ලබාදීමට කටයුතු කිරීම සදහා ගතහැකි හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ඇමතිනිය, අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, අධිකරණ යටිතල පහසුකම් කමිටු ප්‍රධානී ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් අනුව එලෙස හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kgට අඩු රිමාන්ඩ් රැදවියන් 6334ක් සම්බන්ධයෙන් ඉදිරි නීති කටයුතු කඩිනම් කිරීම සදහා ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න මහතා වෙත බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් යොමුකොට ඇත.

කොවිඩ් 19 තත්වය ‍‍‍හේතු‍‍‍‍වෙන් බන්ධනාගාර තුළ පවතින වත්මන් තත්වය පිළිබදවත් ඒ සදහා ගෙන ඇති සැලසුම් ක්‍රියාමාර්ග පිළිබදවත් අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත අතර එම සාකච්ඡාව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාද එක්වීමට නියමිතය.

No comments

Ads Place