Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනාන්තර අක්කර හත් ලක්ෂයක් වනසන තීරණය හකුලා ගන්නැයි විරෝධතා..

අවශේෂ වනාන්තර හත් ලක්ෂයක් (7,00000) වනසන රජයේ තීරණය හකුලා ගන්නා ලෙස ඉල්ලමින් බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් (17) විරෝධතාවයක...


අවශේෂ වනාන්තර හත් ලක්ෂයක් (7,00000) වනසන රජයේ තීරණය හකුලා ගන්නා ලෙස ඉල්ලමින් බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් (17) විරෝධතාවයක නිරත විය.

නුවන් සම්පත් නිලමුණි සහ චරිත් මහේන් යන ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙසේ විරෝධාවයේ නිරත විය.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සිය විරෝධතාවය සදහන් බැනරයක් පූදර්ශනය කරමින් බළපිටිය පාලම ආසන්නයේ සිට බළපිටිය ප්‍රාදේශීය සභාව දක්වා පාගමනකින් පැමිණ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධාවයේ නිරත වූහ.

මෙහිදී අදහස් දැක්වූ නුවන් සම්පත් නිලමුණි මහතා මෙසේ පැවසීය.

1/2020 චක්‍ර ලේඛනය මගින් 5/98, 5/2001,  2/2006 චක්‍ර ලේඛන අහෝසි වන බවත් එම නිසා 1/2020 චක්‍ර ලේඛනය අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

අවශේෂ වනාන්තරවල බලය 5/98, 5/2001,  2/2006 චක්‍ර ලේඛන මගින් පවරා තිබුණේ වණ සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එම බලය 1/2020 චක්‍ර ලේඛනය මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්‍ත්‍රික් ලේකම්වරුන්ට පවරා තිබෙනවා. මෙය කැලෑ පාලුවන්ට ඒ සදහා පහසු වන අවස්ථාවක් බවත් එම නිසා 1/2020 චක්‍ර ලේඛනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද ප්‍රකාශ කළේය.

මෙයට අමතරව බළපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී බළපිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ඒ දයාරත්න ද සිල්වා මහතාද බළපිටිය ප්‍රාදේශීය සභාවට පැමිණ සිටියේ කලු ඇදුමින් සැරසී කලු පටි පැළද ගෙනය. මෙම විරෝධතාවයට හේතු වී තිබුණේ බලපිටිය හරස්පොළ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත්ව තිබූ ධීවර වරාය වෙනත් ස්ථානයක ඉදිකිරීමට කරන ලද සැලසුමකට විරෝධය දැක්වීම සදහාය.

බළපිටිය ප්‍රාදේශීය එහි සභාපති එන් සමන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

lankacnews

No comments

Ads Place