Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රභාකරන්ගේ ෆිල්ම් එකට අකැමති 69 ලක්ෂේ විතරයි – චින්තන ධර්මදාස

  රවිඩ ජනතාව මුළු මහත් ලෝකය පුරා ම විසිරී පැතිරී ඉන්නවා.නමුත් ඔවුන්ට ස්ථිර වශයෙන් වූ නිජබිමක් ලෝකෙ කොහෙවත් මේවන තෙක් නිර්මාණය වෙලා නැහැ. අපේ...


 රවිඩ ජනතාව මුළු මහත් ලෝකය පුරා ම විසිරී පැතිරී ඉන්නවා.නමුත් ඔවුන්ට ස්ථිර වශයෙන් වූ නිජබිමක් ලෝකෙ කොහෙවත් මේවන තෙක් නිර්මාණය වෙලා නැහැ.

අපේ අසල්වාසී රට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ වැඩි වශයෙන් ද්‍රවිඩ ජනතාව ජීවත් වෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම ලංකාවේ උතුරු පළාත් තුළ ද්‍රවිඩ ජනතාව ජනගත කිරීමේ ක්‍රියාවලිය තුළ නිරත වෙනවා. පසුගිය දිනවල දකුණු ඉන්දීය සිනමාව තුළ නිර්මාණය වෙන්න යන සිනමාපට දෙකක් සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ වුණා .

එකක් තමයි මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන්නට යන 800 සිනමාපටය මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ බොහෝ පිරිස් විරෝධතාවය පල කරා.ඒ මුල්ලිදරන් සිය ජාතිය පාවාදුන් අයකු ලෙස සලකා.

මේ අතර නිර්මාණය වෙන්න යන තවත් ෆිල්ම් එකක් තමයි ragging tiger.
මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ ලංකාවේ මිලේච්ඡතමෙ ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වන ප්‍රභාකරන් සම්බන්ධයෙන්. මේ පිළිබඳව ලංකාවේ සිටින ජනතාව අතර තියෙන්නේ දැඩි විරෝධයක්. එනම් ඊළාම් ත්‍රස්තවාදය තවමත් ලොව පුරා හිස ඔසවා ඇති මොහොතක එවැනි සිනමාපටයක් නිර්මාණය කිරීම තුළින් යළිත් වරක් යුද්ධයක් නිර්මාණය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාමත් ඉහළ වීම හේතුවෙනි. ප්‍රභාකරන් මිය ගියද ඔහුගේ ඊළාම් සිහිනය ජීවමාන බව නිසාවෙන් එවැනි සිනමාපටයක් නිර්මාණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැක්කක් බව බොහෝ දෙනාගේ මතයයි.

නමුත් එම විරෝධය එසේ තිබියදී ශ්‍රී ලාංකික ඇතැමෙක් ප්‍රකාශ කරන්නේ ප්‍රභාකරන් අලලා නිර්මාණය වෙන මෙම සිනමාපටය නිර්මාණය විය යුත්තක් ම බවයි . සිනමාවේදී චින්තක ධර්මදාස විසින් යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේෙ ප්‍රභාකරන් අළලා අලලා නිර්මාණය වන මෙම සිනමා පටයට විරුද්ධ වන්නේ 69 ලක්ෂය පමණක් බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශය තුළ කිසියම් දේශපාලනිකමය නිර්වචනයක් තිබෙනවා මෙන්ම මෙරට ස්වෛරීභාවය කෙළෙසීමට වසර 30ක් තිස්සේ යුද වැදුණු මිලේච්ඡ ත්‍රස්තවාදීයෙකු වූ ප්‍රභාකරන් වීරවරයකු ලෙස සැලකීමත් බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වූ කරුණක්

අදාළ යූටියුබ් සංවාදය පහතින්

https://youtu.be/VtKYPeJ-NMc

No comments

Ads Place