Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 66 දක්වා ඉහළට - මියගිය පුද්ගලයන්ගේ තොරතුරු හෙලිවේ

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මේවනවිට 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී ද තවත් කොරෝනා මරණ 05 ක් මෙරටින් වාර්තාවීමත් සමගයි. එ...


මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මේවනවිට 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී ද තවත් කොරෝනා මරණ 05 ක් මෙරටින් වාර්තාවීමත් සමගයි. එම මරණ 05 ම කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් වාර්තා වන අතර මියගිය පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා. 


ඉන් එක් කාන්තාවක් රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මියයන විට ඇගේ වයස අවුරුදු 69 ක්. එම කාන්තාව නිවසේදීම මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමග නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමයි. 


කිරුළපන ප‍්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිය නිවසේදීම මියගොස් තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ආසාදනයත් සමග අධික රුධිර පීඩනය හා දියවැඩියා රෝගය  උත්සන්නවීම ඇගේ මරණයට හේතුව ලෙයසි දැක්වෙන්නේ.  


කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවට වාර්තා වූ අනෙක් කාන්තාව 81 හැවිරිදි වියේ පසුවූ කොළඹ 02 ප‍්‍රදේ්ශයේ පදිංචිව සිටි තැනැත්තියක්. ඇය එලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීයි. නව්‍ය කොරෝනා වෛරසයේ ආසාදනයත් සමග නියුමෝනියාව වැළඳීම මරණයට හේතුව බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 


කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගොස් තිබෙනවා. ආසාදිත පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු එම පුද්ගලයාව පූනානි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර පසුව වැලිකන්ද මූලික රෝහලට යොමු කර ඇති ඔහු එම රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 


මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමග කොරෝනා වෛසරය ආසාදනය වීමයි. 

nethnews

මේ අතර දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙක් ද  සිය නිවෙසේදීම මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව දියවැඩියා රෝගයේ සංකූලතා සමග නව්‍ය කොරෝනා වෛරසය ආසාදනයවීම බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

No comments

Ads Place