Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොවිඩ් ආසාදනය වේ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. මව්ව...


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

මව්වරු හා ළමුන් 46 දෙනෙක්, වන අතර සෙසු ආසාදිතයින් 10 දෙනා අතර වෛද්‍යවරු, හෙදියන් හා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අය සිටින බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට IDH රෝහල වෙත යොමුකර ඇතැයි ද පැවසු රෝහල් අධ්‍යක්ෂවරයා, මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇතැයි ද පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුටත් අදහස් දැක්වු රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා,

“කාර්යමණ්ඩලයට මේ ආසාදනය බොහෝ විට සිදුවෙලා තියෙන්නේ රෝගීන් බැලීමට එන පිරිස නිසා තමයි. ඔවුන් මේ රෝගය රෝහල තුළට ගෙන ආ බවට තොරතුරු අනාවරණය වෙනවා. මෙයට හේතුව තමයි සමහර රෝගීන් මාස 2කට වඩා වැඩි කාලයක් රෝහල තුළ සිටියදී රෝගීන්ට මේ රෝගය වැළඳිලා තියෙනවා. එලෙස රෝගය වැළඳීමට තියෙන එකම ක්‍රමවේදය තමයි රෝගීන් බැලීමට එන පිරිස. අද දිනය වෙන විට අපගේ වෛද්‍යවරු 5 දෙනෙක්ට රෝගය වැළඳී තියෙනවා. සීමාවාසික වෛද්‍යවරු 4කට හා තවත් රෙජිස්ටර් ළමා රෝග වෛද්‍යවරයෙකුටත් රෝගය වැළඳිලා තියෙනවා. මේ සියලු දෙනා ප්‍රතිකාර සඳහා අපි IDH රෝහල වෙත යොමු කළා. කණිෂ්ට කාර්ය මණ්ඩලයේ 3 දෙනෙක්ට රෝගය වැළඳිලා තියෙනවා. හෙදියන් දෙදෙනෙක්ට රෝගය වැළඳිලා තියෙනවා.“

මේ අතර පිටින් රෝගීන් බැලීමට එන පිරිස අද සිට අවම කර ඇති අතර, එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

විනාඩි 10ක් සඳහා එම අවසරය හිමිවන බවත්, වාට්ටුව තුළ සකසා ඇති විශේෂිත වු ක්‍රමවේදයක් මත එය පිළියල කර ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

adaderananews

No comments

Ads Place