Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසරකට රුපියල් බිලියන 56ක් කිරිපිටි ආනයනයට ශ්‍රී ලංකාව වැය කරනවා- රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වාර්ෂිකව කිරිපිටි ආනයනයට ශ්‍රී ලංකාව රුපියල් බිලියන 56ක් වැය කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී. රජයේ පශු වෛද්‍ය නිලධා...


වාර්ෂිකව කිරිපිටි ආනයනයට ශ්‍රී ලංකාව රුපියල් බිලියන 56ක් වැය කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි ආචාර්ය හේමමාලී කොතලාවල මහත්මියට අනුව පසුගිය දස වසරේදී දියර කිරි නිෂ්පාදනය වාර්ෂිකව සියයට 04ත් 05 ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර වාර්ෂික පරිභෝජනය සඳහා දේශීය නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවන්නේය. දේශීයව නිපදවන දියර කිරි ප්‍රමානය ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය කිරීමට රජයට සිදුව ඇත.

ආචාර්ය හේමමාලී කොතලාවල මහ්ත්මිය ” වසරක් සඳහා දියර කිරි ලීටර් මිලියන 1200ක ඉල්ලූමක් පවතිනවා. ඒක පුද්ගල වාර්ෂික දියර කිරි පරිභෝජනය ලීටර් 58ත් 60ක් අතර වනවා. නැවුම් දියර කිරි පරිභෝජනය ඉතාම අඩු මට්ටමක පවතින්නේ” යනුවෙන් පවසා සිටී.
ඇයගේ අදහසට අනුව,2018 වසරේදී නිෂ්පාදනය කළ දියර කිරි ලීටර් මිලියන 498, 2019 වසරේදී ලීටර් මිලියන 424ක් දක්වා පහත වැටී තිබේ.

කෙසේ වුවද රජය 2025 වසරේදී ශී‍්‍ර ලංකාව දියර කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට සැලසුම් කර ඇති බව පවසන ඇය 2019 වසරේදී කිරි පිටි මෙටි‍්‍රක් ටොන් 99000ක් ආනයනය කර තිබෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 56ක් වැය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට දියර කිරි කර්මාන්තයේ පවුල් ලක්‍ෂ දෙක හමාරක් නියැළී සිටිති. එසේම මෙරට මුළු ගව ගහනය ලක්‍ෂ 15ක් පමණ වුවද කිරි ලබා ගන්නා ගව ගහනය ලක්‍ෂ 07ක් පමණක් වේ.
එසේම , කුඩා සහ සුළු ගොවිපළවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම දියර කිරි නිෂ්පාදනය ප‍්‍රර්ධනය සඳහා වාණිජ ගොවිපළ ආරම්භ කිරීමට සමාන්තරව කුඩා සහ නැවුම් කිරි පරිභෝජනය ඉහළ නැංවීම සහ බෙදා හැරීම සඳහා වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දේශීය දියර කිරි නිෂ්පාදනයට දායක වන ගොවිපළවලින් සියයට 95ක්ම සුළු පරිමාණ ගොවිපළ බව පැවසූ සභාපතිනිය සුළු පරිමාන කිරි ගොවීන් සඳහා නව තාක්‍ෂණය ලබාදිය යුතු බවත් සත්ව ආහාර සැපයුම ක‍්‍රමවත් කළයුතු බවත් අවධාරණය කළාය.

lankaleadnews

No comments

Ads Place