Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස එකහමාරකට පසු පාසැල් 5100 ක් අද විවෘත වෙයි

  බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා වූ ළමුන් සදහා පමණක් පාසල් 5,100 ක් අද දිනයේ යළි විවෘත කරන බව අධ්‍යා...

 


බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා වූ ළමුන් සදහා පමණක් පාසල් 5,100 ක් අද දිනයේ යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 


මෙරට සමස්ථ රජයේ පාසැල් සංඛ්‍යාව 10,165 ක්. ඒ අතරින් බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් හැර 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසැල් සංඛ්‍යාව 5,233 ක් වනවා.  කෙසේවෙතත්, පවතින අවදානම සලකා නැගෙනහිර පළාතේ පාසැල් 05 ක් සහ වයඹ පළාතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පාසැල් කිහිපයක් ද, සබරගමුවේ සහ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පාසැල් කිහිපයක් ද අද විවෘත කෙරෙන්නේ නැහැ. 


අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්  මහාචාර්ය කපිල පෙරේරා සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි.  අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍යමය ගැටළුවක් මතු වුවහොත් සෞඛ්‍ය අංශ සමග එක්ව එය විසදා ගැනීමට කටයුතු කරන ලෙසට විදුහල්පතිවරුන්ට දැන්වූ බවයි. 


මෙරට පාසැල් අතරින් සිසුන් 500 කට අඩු පිරිසක් සිටින පාසැල් සංඛ්‍යාව සියයට 77.3 ක්. 500 - 1000 ත් අතර සිසුන් සංඛ්‍යාවක් සිටින පාසැල් සංඛ්‍යාව සියයට 13.6% ක් වනවා. ඒ අනුව සමස්ථ පාසැල් සංඛ්‍යාවෙන් සියයට 91 ක්ම සිසුන් 1000 කට අඩු පාසල් බැවින් දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය රීති අනුගමනය කරමින් පාසැල් පැවැත්වීම ප‍්‍රායෝගිකව අසීරු තත්ත්වයක් නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

No comments

Ads Place