Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 502ක් කොරෝනා.. 21,000 පනී…

  ද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස...

 ද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.

අද (26) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,934 ක් වේ. ඉන් පුද්ගලයින් 12,014 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර             –             3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර                    –           14,875


ඊයේ (25) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 21,468 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,446 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (25) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,926 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (26) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 485 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (26) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 12 සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (26) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 96 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (26) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක් සහ WY 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 35 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත

අද (26) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 4,894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (25) දිනය තුල PCR පරික්‍ෂණ 10,400 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

No comments

Ads Place