Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

5000 පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ කරයි..

නිරෝධායන ඇදිරි නීතිය පනවන ලද ප‍්‍රදේශවලට රජය විසින් ලබාදෙන රුපියල් පන්දහසේ ආධාරය ලබාගැනීම සඳහා පෝලිමේ සිටියදී කාන්තාවක ඇද වැටී මිය ගොස් ඇත. ...


නිරෝධායන ඇදිරි නීතිය පනවන ලද ප‍්‍රදේශවලට රජය විසින් ලබාදෙන රුපියල් පන්දහසේ ආධාරය ලබාගැනීම සඳහා පෝලිමේ සිටියදී කාන්තාවක ඇද වැටී මිය ගොස් ඇත.

මෙසේ ඇද වැටී මිය ගොස් ඇත්තේ කටාන කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි 62 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පවසන්නේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් ඒ අවස්ථාවේ ඇයට උපකාර කිරීමට හෝ කිසිවෙකු ඉදිරිපත් වී නැති බවයි.

පසුව තරුණයන් දෙදෙනකු මැදිහත් වී ඇය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි.

දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකරන ලෙස ද දැනුම් දී තිබේ.

lankacnews

No comments

Ads Place