Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇවන්ගාඩ් බඩඉරිගු අක්කර 5000 ගැන කෘෂිකර්ම ලේකම් පහදයි..

  ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුම...

 


ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින්නේ ගොවිබිම්, බීජ ගොවිපොළවල්, පර්යේෂණ මධ්‍යස්ථාන පමණක් බවද සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

එසේම කෘෂිකාර්මික උපදේශන සේවය හා තාක්ෂණික සහාය ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කාර්යභාරය වන බවත් පවසන ලේකම් සුමේධ පෙරේරා මහතා අදාළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම මඟින් පවත්වාගෙන යන බඩඉරිඟු ගොවිපලක් සඳහා උපදේශන හා තාක්ෂණ සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පවසයි.

එම සහාය ඕනෑම කෘෂි ගොවිපොළක් සඳහා ලබා දීම අමාත්‍යාංශයේ වගකීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම නිසා ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අවධාරණය කරයි.

No comments

Ads Place