Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹින් ඊයේත් ආසාදිතයින් 500 ක් - මිනුවන්ගොඩ සහ පැලියගොඩ පොකුරේ ආසාදිතයින් 8,000ක් සුවය ලබයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 13,870 දෙනාගෙන් ආසාදිතයින් 8,070 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ත...


මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 13,870 දෙනාගෙන් ආසාදිතයින් 8,070 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොවිඞ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් ආසාදිතයින් 3,106 දෙනෙකු සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද පොළ ආශ‍්‍රිත පොකුරෙන් ආසාදිතයින් 10,674 දෙනෙකු මේ දක්වා වාර්තා වූ බවයි.


ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 704 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 541 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 39 දෙනෙකු සහ ගාල්ල දිස්ත‍්‍රීක්කයෙන් ආසාදිතයින් 08 දෙනෙකුද ඊයේ වාර්තා වී තිබෙනවා. විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකුද ඊයේ හදුනා ගැනුනු ආසාදිතයින් අතර වන බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක්. ඉන් ආසාදිතයින් 11,495 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,734 දෙනෙකු පමණයි. ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 5 වාර්තා වූයේ කොළඹ 08, කොළඹ 12, කොළඹ 13 සහ කොළඹ 15 යන ප‍්‍රදේශවලින්. 


කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ‍්‍රිතයින් තිස් දහසක් පමණ මේ වන විට ස්වයං නිරෝධානයනට යොමුකර සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේ වනවිට ත‍්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ පුද්ගලයින් 3,168 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී මෙරටදී පී සී ආර් පරීක්ෂණ 11,130 ක් සිදු කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව 6,72,100ක්. 


මේ අතර කොළඹ මහ නගර සභා සීමාව තුළ හුදෙකලා කර ඇති ප‍්‍රදේශ ආශි‍්‍රතව ජංගම වෛද්‍ය සායන අද සිට ආරම්භ වුණා. 

nethnews

No comments

Ads Place