Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 5ක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටී

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම කළ කැඳවීමක් අනුව අද (09...


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම කළ කැඳවීමක් අනුව අද (09) උදෑසන එහි පැමිණ තිබේ.

ඔවුන් අද පෙරවරු 10.45ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව හමුවේ මෙම මන්ත්‍රීවරුන් සිදුකළ පැමිණිල්ලකින් පසු ඉන් පිටතදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීමේ දී ජනපති කොමිසමට අපහාස වන ආකාරයෙන් අදාළ ප්‍රකාශය සිදුකළ බවට ලද තොරතුරු මත අදාළ කැඳවීම සිදුකර තිබේ.

මෙහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිත කරමින් රටේ නීතිය ද අභිබවා කටයුතු කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (08) දිනයේ දී සිතාසි නිකුත් කර ඇති බව සඳහන් වේ.

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ඉදිරියේදී ජනාධිපති කොමිසමට එරෙහිව අපහාස කිරීමේ චෝදනාවට අදාළව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොමිසම හමුවේ මන්ත්‍රීවරු පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, “අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් කොමිසම් සභාවට කැඳවලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් අල්ලස් හා දුෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව, ජනතාව වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළ මන්ත්‍රීවරු අද කොමිසම හමුවට කැඳවලා තියෙනවා. ඔවුන් ඇපීල් උසාවියට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි අපි බොරු වැඩවලට ගරු කරන්නේ නෑ.“ 

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සියලුදෙනා කළු පැහැති කතිරයක් සලකුණු කර ඇති මුඛ ආවරණ පැළඳසිටි අතර, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ ගැටළුවක් ඇති බැවින් එලෙස මුඛ ආවරණ පැළඳි බව ද ඔවුන් සඳහන්  කළේය.

adaderananews

No comments

Ads Place