Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ගාලු මුවදොර වැඩබිමක ඉන්දියන් ජාතිකයින් 49 කට සහ චීන වරාය සමාගමේ 47 කට කොරෝනා

චීන වරාය සමාගමේ සේවය කරනු ලබන සේවකයින් 47 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස...


චීන වරාය සමාගමේ සේවය කරනු ලබන සේවකයින් 47 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.එලෙස වෛරසය ආසාදනය වූ පිරිස අතර චීන ජාතිකයින් සිව්දෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.


මිට අමතරව මරදාන ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක සේවකයෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඒ හේතුවෙන් එම සුපිරි වෙළෙඳසැල වසා දමා ඇත.


මේ අතර ගාලුමුවදොර ප්‍රදේශයේ පිහිටි වැඩබිමක සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ දක්වා සිදුකළ PCR පරීක්ෂණ අනුව තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49ක්. එම වැඩබිමේ සේවය කරමින් සිටි තවත් 200 දෙනෙකු රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නවාතැන්පලේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

No comments

Ads Place