Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ හමුවූ කොරෝනා ආසාධිතයින් 439 දෙනාගේ සම්පුර්ණ තොරතුරු මෙන්න

  මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 19,280 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී නව ආසාධිතයින් 439 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන්ගෙ...

 


මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 19,280 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී නව ආසාධිතයින් 439 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඔවුන්ගෙන් 435 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි.

ඒ අනුව එම පොකුරේ සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 15,765 දක්වා ඉහළ යනවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු සහ නාවිකයන් දෙදෙනෙකු ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 5935 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 13,271 ක්.

එසේම මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 462 ක්.

මේ අතර ඊයේ දිනයේ දීත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 74ක් දක්වා ඉහළ ගියා.

No comments

Ads Place